කැලණි ගඟෙන් වැටුණු බව කියන පොලිස් සැරයන්ගේ සිරුර දින 7කට පසු හමු වූ තැන.

Sri Lanka Police Death
By Wayomi Dec 07, 2023 08:02 AM GMT
Wayomi

Wayomi

Report

පසුගිය 29 වෙනිදා රෑන්ඩ්පාස්, වික්ටෝරියා පාලම මතින් කැලණි ගඟට වැටුණු බව කියන පොලිස් සැරයන්වරයාගේ මළ සිරුර දින 07කට පසු පෙරේදා (06) හමු වී තිබෙනවා.

ඒ, දෙහිවල ඕබන් පෙදෙසේ වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී.

වික්ටෝරියා පාලමෙන් කැලණි ගඟට වැටුණු පොලිස් සැරයන් අතුරුදන්.

වික්ටෝරියා පාලමෙන් කැලණි ගඟට වැටුණු පොලිස් සැරයන් අතුරුදන්.


එලෙස මියගොස් තිබුණේ, බොරලැස්ගමුව, දිවුල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට අනුයුක්ත රාජකාරි කරනු ලබන පොලිස් සැරයන්වරයෙක්.

සැරයන්වරයාගේ දේහය ඔහුගේ බිරිඳ විසින් හඳුනා ගැනීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදු කර ඇති අතර දෙහිවල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධ හේරත් මහතාගේ උපදෙස් මත ඉදිරි පරීක්ෂණ පැවැත්වෙනු ඇති.  

ReeCha