ජංගම මුර සංචාරයේ සිටි පොලිස් සැරයන් අනතුරින් මරුට
සැරයන්වරයෙකු අලුත්ගම මතුගම මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක ගැටී මිය ගොස් ඇති බව වැලිපැන්න පොලීසිය සදහන් කර තිබේ.
මෙම සැරයන්වරයා වැලිපැන්න පොලීසියට අනුයුක්තව රාජකාරී සිදුකළ අයෙකි.
ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54ක් වූ මෙසේ මරණයට පත්ව ඇත්තේ ගොඩැල්ලගේ උපුල් සමන්ත නැමති ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54ක් වයසැති අයෙකි.
තවද ඊයේ (15) රාත්‍රියේ ජීප් රථයකින් අලුත්ගම - මතුගම මාර්ගයේ ලබුවැල්ගොඩ මංසන්ධියේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරින් කණ්ඩායමක් එම මාර්ගයේ අධික වේගයෙන් ගමන් ගත් යතුරුපැදියක් නවත්වන ලෙස නියෝග කර තිබේ.
එම අවස්ථාවේදී වේගය පාලනය කරගත නොහැකි වූ යතුරුපැදිය රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරන්වරයාගේ ගැටී ඇති තිබේ තවද පොලිස් සැරයන්වරයා විසි වී ගොස් අසල කාණුවකට වැටී හිසට බරපතළ තුවාල සිදුව තිබූ බව වාර්තා වේ .
ඒ වගේම අලුත්ගම දර්ගා නගරයේ රෝහලට ඇතුළත් කළ පොලිස් සැරයන්වරයා ඒ වනවිටත් මියගොස් සිටි බව සදහන්වේ .
යතුරුපැදිකරුද සුළු තුවාල ලබා අලුත්ගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත මෙම අනතුර සම්බන්ධයෙන් වැලිපැන්න පොලීසිය තව දුරටත් විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.