මේ තොරතුරු ගන්නේ 31 වෙනකල් විතරයි - ජනවාරිවල ජංගම සේවාවන්
ආපදාවෙන් හානියට පත් වූ රථවාහන සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම සඳහා අඳාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට මේ මස 31 වන දින දක්වා කල් ලබාදී ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ පවසයි.
එසේම එම තොරතුරු ලබා ගැනීමෙන් පසුව එළඹෙන ජනවාරි මාසයේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට ගොස් ජංගම සේවා ක්‍රියාත්මක කර එම වාහනවල තොරතුරු ලබාදී අඳාළ ගැටලු විසඳීම සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු ප්‍රකාශ කරයි.
එසේම කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ මෙම ආපදාවෙන් රථ වාහන කොපමණ ප්‍රමාණයකට හානි සිදුවී ඇතිද යන්න තවම නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් එම තොරතුරු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් මේ මස අවසානයේදී ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් ය.
එමෙන්ම ආපදාවෙන් හානියට පත් වූ රජයේ වාහන සහ පෞද්ගලික වාහන සම්බන්ධයෙන් වෙන වෙනම තොරතුරු ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් ඒ සම්බන්ධයෙන් තොරතුරු ලැබුණු වහාන ජනවාරි මාසයේදී ජංගම සේවා මඟින් අඳාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී රථවාන හිමිකරුවන්ට අවශ්‍ය තොරතුරු ලබාදී ඊට අඳාළ ගැටලු විසඳීම සම්බන්ධයෙන් කටයුතු කරන බවද ඔහු කියා සිටියි.
කමල් අමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඇතැම් ප්‍රදේශවල නාය යෑම් මඟින් පස්වලට යටව වී ඇති රථ වාහන පිළිබඳ තවමත් තොරතුරු ලැබී නොමැති බවත් එම රථවාහන සම්බන්ධයෙන් ද තොරතුරු අඳාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මඟින් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි.
මේ අතර සමහර රථ වාහනවල අඳාළ ලියකියවිලිද විනාශ වී ඇති බවට වාර්තා වන නිසා එම රථ වාහනවල තත්ත්වයන් සහ එම ලියකියවිල තත්ත්වයන් පිළිබඳව නිවැරදි තොරතුරු ජංගම සේවාවලදී අඳාළ හිමිකරුවන්ට ලබාදීමට බලාපොරොත්තු වන බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා.
ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් ජනවාරි මාසයේදී අඳාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී සිදුකිරීමට බලාපොරොත්තු වන මෙම විශේෂ ජංගම සේවා වැඩසටහන් සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු අඳාළ නිළධාරීන්ගේ ද සහයෝගය ලබා ගන්නා බවත් විපතට පත්ව සිටින ජනතාවගේ පහසුව සඳහා ඔවුන් සිටින ප්‍රදේශවලටම ගොස් මෙම ජංගම සේවා පවත්වන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කරුණු දැක්වුවා.