පවුල් ආරවුලක් දිග යාමෙන් බිරිදගේ පොරෝ පහරින් සැමියා මරුට
වාලච්චේන - වාහනේරි ප්‍රදේශයේදී පොරවකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු එම ස්ථානයේම මියගොස් ඇත.
තවද පොලීසිය සදහන් කළේ ඊයේ (15) උදෑසන මෙම ඝාතනය සිදුව ඇති බව යි මෙම මරණකරයට පත් පුද්ගලයා වයස අවුරුදු 46 ක් වයසැති වාලච්චේන වාහනේරි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.
ඒ වගේම එම පුද්ගලයා හා බිරිඳ අතර ඇති වූ පවුල් ආරවුලක් දුරදිග යාම මත ඔහු විසින් බිරිඳට තියුණු ආයුධයකින් පහරදීමට උත්සාහ කිරීමේදී, බිරිඳ විසින් පොරවකින් පහරදීම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
තවද මෙලෙස වයස අවුරුදු 42 ක් වන සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙන අතර වාලච්චෙන පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.