දයාසිරිගෙන් ලිපියක් - පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට චෝදනාවක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සහ සමස්ථ ලංකා කාරක සභාව කැඳවීම පක්ෂ ව්‍යවස්ථාවට එරෙහි ක්‍රියාවක් බව පාර්ලිමේන්තු නීතිඥ දයාසිරි ජයසේකර මහතා ලිපියක් මගින් ප්‍රකාශ කර තිබේ.
ඒ සම්බන්ධයෙන් ලිපියක් මඟින් සිය ස්ථාවරය දැනුම් දී ඇති දයාසිරි ජයසේකර මහතා, මෙය පක්ෂ ව්‍යවස්ථාව යළිත් උල්ලංඝනය කිරීමක් ලෙස සලකන බව සඳහන් කර ඇත.
2024 පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ දයාසිරි ජයසේකර මහතා, මෙම ලිපිය යොමු කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙසයි.
පක්ෂයේ ව්‍යවස්ථාමය ක්‍රියාපටිපාටියට පටහැනිව සභා කැඳවීම පිළිබඳව ඔහුගේ දැඩි විරෝධය එම ලිපියෙන් පැහැදිලි වන අතර, මෙම පියවර පක්ෂ අභ්‍යන්තර නීතිමය හා සංවිධානමය ගැටලු තවත් ත්‍රීව කරනු ඇති බවට ද ඔහු අවධාරණය කර තිබේ. දයාසිරි ජයසේකර මහතා යොමු කළ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.


