බලපත්‍ර නොමැති බීර විකුණු පිරිසක් මාට්ටු
මාතර කිරිකැටිය සහ ගාල්ල අහංගම ප්‍රදේශවලදී සුරාබදු බලපත්‍ර නොමැති ස්ථානවල බීර අලෙවිය සිදුකරමින් තිබූ ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් විශේෂ වැටලීමක් සිදුකර තිබේ.
එම මෙහෙයුමේදී, නීතිවිරෝධී ලෙස ස්ථාපිත කර තිබූ බීර විකිණිමේ KEG මැෂින් කිහිපයක් සුරාබදු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇත.
මෙම ස්ථානවල විවිධ වර්ගයේ බීර සඳහා වෙන වෙනම ටැප් සවි කර, පාරිභෝගිකයින්ට බීර වීදුරු ගණන් අලෙවි කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
වැටලීමේදී බීර අඩංගු KEG තොග විශාල ප්‍රමාණයක්, බීර වීදුරු ගණන් ලබාදෙන මැෂින් 04ක්, ඒ සඳහා යොදාගත් CO₂ සිලින්ඩරයක්, සහ රුපියල් ලක්ෂ 25කට ආසන්න වටිනාකමකින් යුතු බීර සහ ඒවා අලෙවි කිරීම සඳහා භාවිත කළ උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන ඇත.
බලපත්‍ර නොමැති වෙළෙඳසැල්වලට මෙම බීර සහ අදාළ උපකරණ ලැබී ඇති ආකාරය සම්බන්ධයෙන්ද සුරාබදු දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව නිලධාරීන් සඳහන් කරයි.
මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් වෙළෙඳසැල්වලට සම්බන්ධ පුද්ගලයින් පසුව ඇප මත නිදහස් කර ඇති අතර, ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ද වාර්තා වේ.