නිවාස 68ක ජනතාවට විශේෂ පොලිස් ආරක්ෂාවක්?.
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By krishani
බේරුවල සුනාමි ගම්මානයේ නිවාසවලට දිවා රාත්‍රී කාලවල ගල් ප්‍රහාර එල්ල වන බවට තොරතුරු වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට බේරුවල පොලිස් ස්ථානාධිපතිවරයා පසුගියදා එම ගම්මානයට පැමිණියේ ය.
එහි නිවාස 68 ක ජීවත් වන ජනතාවට පීඩා කරමින් කිසියම් පිරිසක් විසින් මෙම ගල් ප්‍රහාර එල්ල කරන බවට තොරතුරු වාර්තා වන්නේ.
මෙලෙස පොලිස් ස්ථානාධිපතිවරයා එම ගම්මානයට පැමිණ ඇත්තේ නිවාස 20 කට වැඩි සංඛ්‍යාවකින් පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුවයි.
එහිදී පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ ජනතාවගේ ආරක්ෂාව සඳහා පියවර ගන්නා බවයි.
