ආරක්ෂක අංශ කොළඹ පීරයි - 285 දෙනෙක් අත්අඩංගුවට

Nihal Talduwa Sri Lanka Police Colombo Sri Lanka Sri Lanka Police Investigation
By Sithumi Jan 29, 2023 12:43 PM GMT
Sithumi

Sithumi

Report

අද (29) උදෑසන පැය 6කට ආසන්න කාලයක් කොළඹ අවට සිදුකළ විශේෂ මත්ද්‍රව්‍ය වැටලීමකින් පුද්ගලයින් 285 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ, මෑත ඉතිහාසයේ සිදුකළ සුවිශේෂිම මෙහෙයුම මෙය බවය.

සති කිහිපයකට පෙර සිදුකළ සැලසුමකට අනුව එම මෙහෙයුම දියත් කර ඇති අතර, ඒ සඳහා ගුවන් හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය හා ශ්‍රී ලංකා යුද හමුදාව ද එක්ව තිබුණි.අත්අඩංගුවට ගත් පිරිස අතර හඳුනාගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිපදෙනෙක් සිටින බවට වාර්තා වේ.

මේ අතර අද දිනයේ සිදුකළ වැටලීමෙන් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1ක්, ගංජා කිලෝග්‍රෑම් 1ක් ද සොයාගැනීමට හැකිවූ බව නිහාල් තල්දූව මහතා පැවසීය. මීට සමගාමීව දකුණේ ද විශේෂ මෙහෙයුමක් දියත් කර පුද්ගලයින් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha