පොලිස් නිලධාරීන් ගැන දැන් අහන්න දකින්න ලැබෙන ඒවා එච්චර සුබ නෑ.

Sri Lanka Police
By Wayomi Feb 19, 2024 03:47 AM GMT
Wayomi

Wayomi

Report

පොලිස් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවකු සන්තකයේ තිබූ ජංගම දුරකතනයක් විකුණූ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු එම රුපියල් 58,000ක් වටිනා ජංගම දුරකතනයක් රුපියල් 5,000කට පුද්ගලයෙකුට අලෙවි කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අම්පාර මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටින පොලිස් කොස්තාපල් රියැදුරෙක්.

පසුගිය වසරේ ජුලි 30 වැනිදා අම්පාර ප්‍රදේශයේ පැවති සැණකෙළියක් අතරතුර දී, ඇති වූ සිද්ධියක් මුල් කරගෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණු අතර එම පුද්ගලයාගේ ජංගම දුරකථනය පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

එහිදී පොලිසිය භාරයට ගත් ජංගම දුරකථනය ඉහත සැකකාර කොස්තාපල්වරයා වෙනත් පුද්ගලයකුට අලෙවි කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් ජංගම දුරකථනයේ හිමිකරු පොලිසියට කළ පැමිණිල්ලකට අනුව, අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විමර්ශන ආරම්භ කර ඇති බවත් පොලිසිය සඳහන් කළා.

ReeCha