රුපියල් කෝටියකට ආසන්න මත් ද්‍රව්‍ය සහ උණ්ඩ සමග කොස්තාපල් මාට්ටු

Report

රුපියල් කෝටියකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය සහ ටී පනස් හය උණ්ඩ දහයක් ප්‍රවාහනය කරමින් සිටි කොල්ලූපිටිය පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු දෙදෙනකු මහභාගේ හාලන්දුරුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාගම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයකු සහ කොල්ලුපිටිය පොලිසියට අනුයුක්තව පොලිස් ක්‍රීඩා කොට්ඨාශයේ කොස්තාපල්වරයෙකි.

පවතින කාලගුණයේ වෙනසක් - පාසල් වසා තැබීමට රජයෙන් තීරණයක්

පවතින කාලගුණයේ වෙනසක් - පාසල් වසා තැබීමට රජයෙන් තීරණයක්

අයිස් මත්ද්‍රව්‍ය සමග අ ත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලට අනුව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

කැලණිය කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතාගේ උපදෙස් පරිදි කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

සියලුම රාජ්‍ය සේවකයන්ට නව නීතියක් - රාජකාරී වෙලාව තුළ ස්මාර්ට් ෆෝන් භාවිතා කිරීම තහනම් ජුලි 16 සිට ක්‍රියාත්මකයි

සියලුම රාජ්‍ය සේවකයන්ට නව නීතියක් - රාජකාරී වෙලාව තුළ ස්මාර්ට් ෆෝන් භාවිතා කිරීම තහනම් ජුලි 16 සිට ක්‍රියාත්මකයි