කිඹුල් ප්‍රහාරයකින් ඔරුව පෙරළෙයි- අම්බලන්ගොඩ තරුණයෙකු මාදු ගඟට බිලි
අම්බලන්ගොඩ, වතුගෙදර ප්‍රදේශයේ මාදු ගඟේ මසුන් අල්ලමින් සිටි මිතුරන් දෙදෙනෙකුට කිඹුලෙකු එල්ල කළ බව කියන ප්‍රහාරයකින් ඔවුන් ගමන් කළ ඔරුව පෙරළී, එක් පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (25) උදෑසන මෙම අනතුර සිදුව ඇති අතර, පොලිස් විමර්ශනවලට අනුව වතුගෙදර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු ඔරුවකින් මාදු ගඟේ මසුන් ඇල්ලීමට ගොස් තිබුණි.
ඔවුන් මසුන් අල්ලමින් සිටියදී හදිසියේම කිඹුලෙකු ඔවුන්ගේ ඔරුවට ප්‍රහාරයක් එල්ල කර ඇති බවට මූලික තොරතුරු අනාවරණය වී ඇත.
එම ප්‍රහාරයත් සමඟ ඔරුව පෙරළී ඇති අතර, ඉන් එක් පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කළේය. මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ, වතුගෙදර ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.