අද කොළඹදී පා ගමනක් - හේතුව මෙන්න
By Kaushi
අද(26) දිනට යෙදී ඇති ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය සඳහා රටම එකට ජාතික මෙහෙයුම යටතේ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.
එබැවින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලගේ සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ සහභාගීත්වයෙන් අද උදෑසන කොළඹ චෛත්‍ය පාරේ සිට කොල්ලුපිටිය මංසන්ධිය දක්වා විශේෂ දැනුවත් කිරීමේ පාගමනක් ආරම්භ විය.
එසේම විෂ මත්ද්‍රව්‍ය උවදුරෙන් රට මුදාගැනීම සඳහා ක්‍රියාත්මක ජාතික මෙහෙයුමේ ප්‍රධාන කාර්යාලය සහ මාධ්‍ය මධ්‍යස්ථානය අද පස්වරුවේ කොළඹ 07, විජේරාම මාවතේදී විවෘත කිරීමට නියමිතව ඇති බව සඳහන්.