හෝටලේදි මස් කන්න ගිය පොලිස් ලොක්කා කරපු කැත වැඩක් මාට්ටු වෙයි..

Police Sri Lanka Gossip Nuwaraeliya Hotel
By Aruna Sep 15, 2021 03:40 AM GMT
Aruna

Aruna

Report

නුවරඑළිය - පොලිස් බංගලාවකදී ඌරුමස් ව්‍යාංජනයක් සම්බන්ධයෙන් ඇති ආරවුලක් මත පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදුන් බව කියන සිද්ධියකට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

මීට වසර 2කට පමණ ඉහත දී අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයේ කටයුතු කරමින් සිටියදියි මෙම සිද්ධිය සිදුව ඇත්තේ.

සිය පවුලේ සාමාජිකයින් සමග නුවරඑළියේ පොලිස් බංගලාවක නිවාඩුවක් ගත කරමින් සිට ඇති මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියාට වල් ඌරු මස් අනුභව කිරීමට අවශ්‍ය බව බංගලාව භාර පොලිස් කොස්තාපල්වරයාට දැනුම් දී තිබුණා.

ඒ අනුව කොස්තාපල්වරයා අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියාගෙන් මුදල් ලබාගෙන ඌරු මස් මිලදී ගෙන අදාළ ව්‍යාංජනය සකස් කර ඇත්තේ.

කෙසේ වෙතත් එහි මස් ප්‍රමාණය අඩු බවට තර්ක කරමින් පොලිස් නිලධාරියා අදාළ කොස්තාපල්වරයාට පහර දී තිබුණා.

පහරකෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා නුවරඑළිය රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව ඔහු විසින් ඒ සම්බන්ධයෙන් නුවරඑළිය පොලිස් ස්ථානයට ගොස් පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now