රාත්‍රී 11න් පස්සේ පාරේ ඇවිදන් ගිය යුවලකට පොලීසියෙන් අමුතු දඩයක්..

Sri Lanka Police India
By Sithumi Dec 11, 2022 04:08 PM GMT
Sithumi

Sithumi

Report

කර්නාටක ප්‍රාන්තයේ බැංගලෝර් හි යුවළකට බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේදී පොලිස් නිලධාරීන් විසින් හිරිහැර කළ බවට කියන පුවතක් ඉන්දියානු විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම යුවළ විසින් රාත්‍රී 11 න් පසු ඔවුන්ගේ නිවස අසල පාරේ ඇවිදීම නිසා නීතිය කඩ වූ බව පවසමින් ඒ සඳහා PayTm නම් App එකක් හරහා රුපියල් 1,000 ක් ගෙවීමට පොලිස් නිලධාරීන් ඔවුන්ට බල කර තිබෙනවා.

පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, සම්පිගේහල්ලි පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයෙකුගේ සහ ප්‍රධාන කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. (විදෙස් මාධ්‍ය)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now

 

ReeCha