වහාම ක්‍රියාත්මක වන පරිදී පොලිස් ඇදිරි නීතිය පනවයි - තත්ත්වය පාලනය කිරීමට බෙල් 412 ගුවන් යානා
වහාම ක්‍රියාත්මක වන පරිදී රාගම පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇදිරි නීතිය පනවා ඇත.
ඒ මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාව පාලනය කිරීමේ අරමුණිනි.
ඒ අනුව නැවත දැනුම්දෙනතුරු එම බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට පොලීසිය කටයුතු කර තිබේ.
බන්ධනාගාරයෙන් වෙඩි හඬ? පොලිස් නිලධාරින් වෙත ගල් ප්‍රහාර - ඥාතීන් පොලිස් මුර බාධක බිඳගෙන යාමට උත්සාහයක
මිට අමතරව ගුවන් හමුදාව විසින් මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව නිරීක්ෂණය කිරීම සඳහා බෙල් 412 ගුවන් යානයක් සහ ඩ්‍රෝන යානයක් යොදවා ඇත.
අද (01) පස්වරුවේ මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවක් ඇති වූ අතර එහිදී රැඳවියන් 7 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ අතර එහිදී එක් අයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇත.
එමෙන්ම මේ වන විට බන්ධනාගාරය අවට රැඳවියන්ගේ ඥාතීන්ද එක්ව ඇති අතර ඔවුන් අතරද යම් නොසන්සුන්තාවක් හටගෙන තිබූ බවත් වාර්තා වේ.
ගුවන් හමුදාව පවසා ඇත්තේ මෙම පවතින තත්ත්වයන් තුළ බන්ධනාගාරය ඇතුළත තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදාව විසින් ගුවන් යානයක් සහ ඩ්‍රෝන යානයක් යොදවා ඇති අතර එමගින් ඇතුළත තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බවයි.