බන්ධනාගාරයෙන් වෙඩි හඬ? පොලිස් නිලධාරින් වෙත ගල් ප්‍රහාර - ඥාතීන් පොලිස් මුර බාධක බිඳගෙන යාමට උත්සාහයක [VIDEO]

Report

තොරතුරු වාර්තා වන ආකාරයට මහර බන්ධනාගාර පරිශ්‍රය අවට යළිත් නොසන්සුන්තාවක් ඇතිව තිබේ.

මෙම නොසන්සුන්තාවයට හේතු වී ඇත්තේ බන්ධනාගාරය තුළින් වෙඩි හඬට සමාන හඬ කිහිපයක් ඇසීමත් සමඟ රැඳවියන් බැලීමට පැමිණ සිටි ඥාතීන් සහ ප්‍රදේශවාසීන් පොලිස් මුර බාධක බිඳගෙන යාමට උත්සහ කිරීමත් සමඟයි.

හදිසි තත්ත්වයක් - මහර බන්ධනාගාර ගැටුමෙන් රැඳවියෙක් මරුට - පිරිසක් රෝහලේ

හදිසි තත්ත්වයක් - මහර බන්ධනාගාර ගැටුමෙන් රැඳවියෙක් මරුට - පිරිසක් රෝහලේ

ඉන් අනතුරුව ආරක්ෂක අංශ නිලධාරින් පියවර කිහිපයක් ඉදිරියට පැමිණ එම ජනතාව පාලනය කිරීමට උත්සහ කිරීමේදී නොසන්සුන්තාවක් ඇතිවූ බව වාර්තා වේ.

එම අවස්ථාවේදී රැඳවියන් බැලීමට පැමිණි ඥාතීන් සහ ප්‍රදේශවාසීන් විසින් ආරක්ෂක අංශ නිලධාරින් වෙත ගල් ප්‍රහාර කිහිපයක් ද එල්ල කර ඇති බවට තොරතුරු වාර්තා වන අතර ජල ප්‍රහාරක රථ ද බන්ධනාගාර ඉදිරිපිට පරිශ්‍රය වෙත රැගෙන ඒමට ද කටයුතු කර ඇත.

ජෙලර්ගේ කාර්යාලයටත් ගිනි තියයි - වහාම රැඳවියන් 5ක් රාගම රෝහලට

ජෙලර්ගේ කාර්යාලයටත් ගිනි තියයි - වහාම රැඳවියන් 5ක් රාගම රෝහලට