පාසල් සිසුවියන්ට නිරුවත පෙන්වූ පොලිස් කොස්තාපල්.. CCTV දර්ශන වලින් මාට්ටු වෙයි..

Police Sri Lanka Education Moragaha hena CCTC TV
By Aruna Jan 13, 2022 08:23 AM GMT
Aruna

Aruna

Report

පානදුර ප්‍රදේශයේදී පාසල් සිසුවියන් දෙදෙනෙකුට තම රහස් ප්‍රදේශය පෙන්වූ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරගහහේන ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයකු බවය.

සැකකරු මෝටර් රථයක සිට ඒ අසලින් ගමන්කළ පාසල් සිසුවියන්ට සිය රහස් ප්‍රදේශය පෙන්වා ඇති බවට තොරතුරු අනාවරණ වී ඇත.

එම සිසුවියන් විසින් මේ පිළිබඳව සිය විදුහල්පතිනිය දැනුවත් කිරීමෙන් අනතුරුව ඇය විසින් කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී ප්‍රදේශයේ CCTV පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම මෝටර් රථය හඳුනාගැනීමෙන් පසුව සැකකාර පොලිස් කොස්තාපල්වරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර පානදුර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha