අල්ලස් මුදලක්ගෙන ආදායම් බලපත්‍රය දුන් පොලිස් කොස්තාපල් අත්අඩංගුවට
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු පැවරීමකින් තොරව ආදායම් බලපත්‍රය ලබාදීම සඳහා රුපියල් 10,000ක අල්ලස් මුදලක් ලබාගත් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ කාර්ති නමැති, පොලිසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකි.
සැකකාර කොස්තාපල්වරයා පොලිස් ස්ථානයේ චෝදනාගාරයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.