වියළි කාලගුණයෙන් ජල සැපයුමට බාධා
By Shehan
පවතින වියළි කාලගුණික තත්ත්වයන් හේතුවෙන් රටේ ප්‍රදේශ කිහිපයක අඛණ්ඩ ජල සැපයුමට බාධා ඇතිවී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වජිරා තිරාණගම මහත්මිය සඳහන් කළේ, පොල්අතු මෝදර ගඟට කරදිය මුසුවීම හේතුවෙන් කනංකේ ප්‍රදේශයෙන් ජල ලබාගැනීමේදී ගැටලු මතුවී ඇති බවයි. මෙම තත්ත්වය නිසා වැලිගම, මිදිගම ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා ඇතිවී තිබේ.
කරදිය මුසුවීම වැළැක්වීම සඳහා එම ප්‍රදේශයේ තාවකාලික ලවණ බාධකයක් ඉදිකිරීම ආරම්භ කර ඇති බවත්, කැලණි ගඟට කරදිය මුසුවීම වැළැක්වීම සඳහා ද තාවකාලික ලවණ බාධකයක් ඉදිකර ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.
පවතින තත්ත්වය යටතේ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්, මෙම වියළි කාලගුණික තත්ත්වය හම්බන්තොට දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශවලට ද බලපා ඇති බවත් මණ්ඩලය දැනුම් දෙයි.
