අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සැප්තැම්බර් මස දීමනාව අද බැංකු ගිණුමට
2025 සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී දීමනාව අද (12) සිට බැංකු ගිණුම්වලට බැර කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
මණ්ඩලය සඳහන් කළේ රුපියල් 11,201,647,000ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,412,574ක බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිත බවයි.
ඒ අනුව, අදාළ ප්‍රතිලාභීන්ට අද (12) සිට තමන්ට හිමි අස්වැසුම දීමනාව තම බැංකු ගිණුම් මගින් ලබා ගත හැකි බව මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දෙයි.