විදුලි ගාස්තු සංශෝධන ප්‍රතිපත්තිය ගැන ආසියානු සංවර්ධන බැංකුව අවධානයෙන්
ශ්‍රී ලංකාවේ විදුලි ගාස්තු සංශෝධනයේ ප්‍රතිශතයට වඩා, එම ගාස්තු සංශෝධනයේ ප්‍රතිපත්තිය කෙරෙහි ආසියානු සංවර්ධන බැංකුව (ADB) අවධානය යොමු කරන බව එහි ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ටකෆුමි කඩොනෝ මහතා ඊයේ (11) ප්‍රකාශ කළේය.
විදුලි ගාස්තු ඉහළ දැමීමේ හෝ වෙනස් කිරීමේ ප්‍රතිශතය ADB හි ශ්‍රී ලංකා වැඩසටහනට අදාළ නොවන බවත්, ඉදිරියේදී විදුලි ගාස්තු අඩු හෝ වැඩි කිරීමේ ක්‍රමවේදය සහ ශ්‍රී ලංකාවේ විදුලි ප්‍රතිපත්තිය තමන්ට වැදගත් බවත් ඔහු සඳහන් කළේය.
මෙරට විදුලි ගාස්තු ඉතා ඉක්මනින් වෙනස් වන සුළු බව සහ ඒවායේ උච්චාවචනය හේතුවෙන් මෙලෙස අවධානය යොමු කරන බව අධ්‍යක්ෂවරයා පැවසීය.