අත්‍යවශ්‍ය සේවා ලිපි පෙන්වා ගිය අයට වෙච්ච දෙයක්..

Police Colombo Ajithi Rohana Spacial service
By Aruna May 31, 2021 07:02 AM GMT
Aruna

Aruna

Report

 අද දිනයේදී කොළඹ නගරයට පැමිණි අත්‍යවශ්‍ය සේවා වලට සම්බන්ධ පුද්ගලයින් අතරින් දහසකට ආසන්න සංඛ්‍යාවක ගේ සේවයට කැඳවීමේ ලිපිවල ජායාරූප පොලිසිය මගින් ලබාගෙන ඇති බවත්, ඔවුන් අද දිනයේදී රාජකාරියේ යෙදී සිටියේද යන්න ගැන සොයා බැලීමක් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

කොළඹ නගරයට අද දිනයේදී අත්‍යවශ්‍ය සේවාවල සේවයේ නියුතු බවට පවසමින් බොහෝ දෙනෙක් සේවා හැඳුනුම්පතට අමතරව ආයතන ප්‍රධානීන්ගේ ලිපිය සහිතව පැමිණ තිබු බවට හෙළිවෙලා තියෙනවා.

නමුත් රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන් පැවසුවේ එලෙස පැමිණි පුද්ගලයින් සතුව තිබු ලිපි නිකුත් කිරීම අක්‍රමවත්ව සිදුකර ඇති බවට පෙනී ගොස් තිබෙනවා කියායි.

ඒ අනුව මහරගම, ගල්කිස්ස, වත්තල, කැලණිය සහ පෑලියගොඩ ප්‍රදේශවල පිහිටි පොලිස් මාර්ග බාධකවලදී අත්‍යවශ්‍ය සේවා බවට හඳුන්වා දෙමින් පැමිණි පුද්ගලයින් අතරින් 1000 කට ආසන්න පිරිසක් සතුව තිබු සේවයට කැඳවීමේ ලිපිවල ජායාරූප පොලිසිය අහඹු ලෙස මගින් ලබාගෙන තිබෙනවා.

එම ලිපිවලට අනුව අදාළ පුද්ගලයින් අද දිනයේදී රාජකාරියේ යෙදී සිටියේද නැද්ද යන්න ගැන සොයා බැලීමට පොලිසිය විශේෂ මෙහෙයුමක් සිදුකරන්න කටයුතු යොදා තිබෙනවා.

එහිදී යම් හෙයකින් අදාළ පුද්ගලයා රාජකාරියට කැඳවීමක් සිදුකර නොමැති බවට අනාවරණය වුවහොත් හෝ ඔහු සේවයේ යෙදී සිටියේ නැත්නම් අදාළ ලිපිය නිකුත් කළ තැනැත්තා කුඨ ලේඛන සැකසීමේ චෝදනාව යටතේ මෙන්ම සේවයට යන බව පවසා අසත්‍ය ප්‍රකාශ කිරීමේ චෝදනාවට අදාළ සේවකයාට නිරෝධායන රීති කඩකිරීමේ චෝදනාව යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ කර සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now