රාජ කුමරියට සාධාරණයක් වේවිද ?

Sri Lanka Police Law and Order Sinhala news
By Hashan May 15, 2025 07:00 AM GMT
Hashan

Hashan

Report

වැලිකඩ පොලිසිය මගින් 2023 වසරේ අත් අඩංගුවට ගනු ලැබූ මෙහෙකාර සේවයේ නියුතු ආර්. රාජ කුමාරි නමැති කාන්තාවට පහර දී මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් තිදෙනකු චෝදනා ලබා සිටියා.   

එලෙස චෝදනා ලැබ සිටි පොලිසියේ හිටපු නිලධාරින් තුන් දෙනෙකුට එරෙහි පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජූලි මස 21වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර සිටියා.

අදාළ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

මේ දවස්වල පොඩි ළමයින්ව එළියට යවන්නෙ බලාගෙන (VIDEO)

මේ දවස්වල පොඩි ළමයින්ව එළියට යවන්නෙ බලාගෙන (VIDEO)

මෙම නඩුකරයට අදාළව ඉදිරිපත් කර තිබෙන ඇතැම් ලේඛන තමන්ට ලැබී නොමැති බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ පවසා සිටියා.   ඒ අනුව විත්තිය විසින් ඉල්ලා සිටින ලේඛන කඩිනමින් ඔවුන් වෙත ලබා දීමට කටයුතු කරන ලෙසයි විනිසුරුවරයා රජයේ නීතිඥවරියට නියම කර සිටියේ.   

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජූලි මස 21 වනදා කැදවීමට නියම කර සිටියා .

වැලිකඩ පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරින් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

සුපිරි හෝටලයක් පරික්ෂා කරන්න ගිහින් හමු වුණ දේ, අයිතිකාරයෝ සොයා පොලිස් විමර්ශන

සුපිරි හෝටලයක් පරික්ෂා කරන්න ගිහින් හමු වුණ දේ, අයිතිකාරයෝ සොයා පොලිස් විමර්ශන


ReeCha