පොලිස් තරුණිය බලෙන් ලඟට අරගෙන කිස් කරපු සැරයන් මාට්ටු වෙයි..සිදුවූ දේ මෙන්න..
Sri Lanka Police
Sri Lanka
By Aruna
කොස්තාපල්වරියකට බලහත්කාරයෙන් හාදුවක් දුන් පොලිස් සැරයන්වරයෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.
ඇල්පිටියේ පදිංචි පාර්ලිමේන්තු කොට්ඨාසයේ කොස්තාපල්වරිය රාජකාරි කටයුත්තක් සදහා පාර්ලිමේන්තු පොලිසියේ කාර්යාලයට යමින් සිටියදී අසල පඩිපෙලක් අසල රැදී සිටි එම කොට්ඨාසයේම පොලිස් සැරයන්වරයා ඇයගේ පිටුපසින් පැමිණ හිසෙන් අල්ලා ඔහු වෙත ඇය ඇද ගැනීමෙන් පසු ඇගේ නළලට හාදු දී තිබෙනවා.
පසුව ඇය විසින් ළමා හා කාන්තා කාර් යාංශය පැමිනිල කර ඇති අතර පසුව එම කාර්යාංශය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඉදිරියේ අද (13) කරුණු වාර්තා කර තිබෙනවා.
මෙම ක්‍රියාවෙන් තමාට බලවත් බියක් මෙන්ම ලැජ්ජාවක් ඇතිවූ බව පැමිණීලිකාරිය සදහන් කර ඇතැයි ද ළමා හා කාන්තා කාර් යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |