කරුවලේම කාරයක් තුළ බීමතින් මත් වුණ කාන්තාවන් දෙන්නෙක් - පරික්ෂා කරන්න ගිය පොලිසියට සිදුකළ දෙයක් නිසා අවසානයේ ඔවුන්ට අත්වුණ ඉරණම..
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By krishani
පොලිස් කොස්තාපල්වරයෙකුට බීමතින් පහරදීමේ සිද්ධියකට අදාළව කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැණින.
ඔවුන් අද (06) අලුත්කඩේ අංක 1 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
ඊයේ (05) රාත්‍රියේ කොළඹ ,ග්‍රෙගරි පාර ආසන්නයේ සැකකටයුතු ලෙස නවතා තිබූ මෝටර් රථයක් කොළඹ නාගරික රථවාහන කොට්ඨාසයට අනියුක්ත පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
එහිදී අදාල කාන්තාවන් දෙදෙනා එහි මත්පැන් පානය කරමින් සිට ඇත.
එම අවස්ථාවේ දී ඔවුන් පහරදීම සිදු කර ඇති බව වාර්තා වේ.
තුවාල ලැබූ කොස්තාපල්වරයා අනතුරුව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණු අතර පසුව අදාල කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේවෙතත්, ඔවුන් කොළඹ 13 සහ 14 යන ප්‍රදේශවල පදිංචි 30 සහ 43 යන වයස්වල පසුවන්නන් වේ.
