මවක් සහ ඇගේ පුතා එක්ව කළ දෙයක් වීඩියෝ කරලා - තවත් දරුවන් දෙන්නෙක් ළඟ ඉඳලා.. ජංගම දුරකථනයෙන් හෙළි වුණ පැටිකිරිය..

Sri Lanka Police Sri Lanka Police Investigation Drugs Latest Headlines
By krishani Dec 31, 2023 06:23 PM GMT
krishani

krishani

Report

බණ්ඩාරවෙල හීල් ඔය ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ යුක්තිය මෙහෙයුමෙන් පොලිසිය විසින් මවක් සහ පුතෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මවක් සහ ඇගේ පුතා එක්ව කළ දෙයක් වීඩියෝ කරලා - තවත් දරුවන් දෙන්නෙක් ළඟ ඉඳලා.. ජංගම දුරකථනයෙන් හෙළි වුණ පැටිකිරිය.. | Police Arrested Two Person At Bandarawela

ඒ හෙරොයින්වලට ඇබ්බැහි වූ සහ හෙරොයින් ජාවාරමේ නිරත වූ අවුරුදු 38ක් වයසැති කාන්තාවක් සහ අවුරුදු 16ක් වයසැති ඇගේ දරුවා ය.

එම සැකකරුවන්ගේ ජංගම දුරකථන පරික්ෂා කිරීමේ දි එම කාන්තාව, 16 හැවිරිදි ඇගේ දරුවා සහ එම දරුවාගේ තවත් පාසල් මිතුරන් දෙදෙනෙක් එක්ව මත්කුඩු භාවිත කරන දර්ශන පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඒ අනුව එම මිතුරන් දෙදෙනා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මවක් සහ ඇගේ පුතා එක්ව කළ දෙයක් වීඩියෝ කරලා - තවත් දරුවන් දෙන්නෙක් ළඟ ඉඳලා.. ජංගම දුරකථනයෙන් හෙළි වුණ පැටිකිරිය.. | Police Arrested Two Person At Bandarawela

එලෙස අත්අඩංගුවට ගත් කාන්තාවගේ සැමියා විදේශගතව සිට ඇත.

ඒ අතරතුර දී එම කාන්තාව දුරකථනයෙන් හඳුනාගත් මාරවිල ප්‍රදේශයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙක් සමඟ සබඳතාවයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

එම පුද්ගලයා විසින් එම කාන්තාව සහ ඇයගේ පුත්‍රයා මත්ද්‍රව්‍ය භාවිත කිරීමට හුරුකර ඇති බව පොලිසිය විසින් සඳහන් කළේ ය.

තරුණයෙක් සමග හැටට හැටේ ගිය රාත්‍රී රූමතියක් පොලිස් දැලේ - අත්අඩංගුවට ගන්නා විටත් ඇය සන්තකයේ තිබී හමු වූ දෙය..

තරුණයෙක් සමග හැටට හැටේ ගිය රාත්‍රී රූමතියක් පොලිස් දැලේ - අත්අඩංගුවට ගන්නා විටත් ඇය සන්තකයේ තිබී හමු වූ දෙය..


කෙසේ වෙතත්, මෙම කරුණු අණාවරණය වී ඇත්තේ නිවසේ බඩුබාහිරාදිය අලෙවිකර ඇති බවට සැමියා විසින් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව කළ පරීක්ෂාවක දී ය. 

ReeCha