මානව හිමිකම් කොමිෂන් නිර්දේශවලට රාජ්‍ය නිලධාරීන්ට අභියාචනා කිරීම තහනම්

Report

1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත යටතේ ලබාදෙන නිර්දේශ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ විධිමත් ක්‍රමවේදයක් නොමැති බවත්, එවැනි අභියාචනා ඉදිරිපත් කරමින් නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට නීතිමය හැකියාවක් නොමැති බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ට අවධාරණය කර ඇත.

මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශ, අභියාචනා ඉදිරිපත් කළද, අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධානීන් යටතේ පවතින ආයතන සහ එහි නිලධාරීන් වෙත අභ්‍යන්තර චක්‍රලේඛ මගින් දැනුම් දෙන ලෙස කොමිෂන් සභාව නියෝග කර ඇත.

ජනපති අනුරට හිතපු වේගෙට යන්න බෑ හේතුව රජයේ නිලධාරින් - අමාත්‍ය සමන්ත විද්‍යාරත්න

ජනපති අනුරට හිතපු වේගෙට යන්න බෑ හේතුව රජයේ නිලධාරින් - අමාත්‍ය සමන්ත විද්‍යාරත්න

1996 අංක 21 දරන පනත යටතේ සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව ලබාදෙන නිර්දේශ, සියලු වගඋත්තරකාර පාර්ශ්වයන් විසින් අනිවාර්යයෙන් ක්‍රියාත්මක කළ යුතු බව, කොමිෂන් සභාවේ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණියගේ අත්සනින් යුතු නිවේදනයක සඳහන් වේ.

එසේම, 2005 ඔක්තෝබර් 05 දිනැති 17/2005 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය ඔස්සේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සහ සංස්ථාපිත මණ්ඩලවල ප්‍රධානීන් මේ පිළිබඳව දැනුවත් කර ඇති බව නිවේදනයේ දැක්වේ.

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශ බලාත්මක කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ ලිඛිත වාර්තා එම කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ යුතු බවත්, එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

අද ලග්න පලාපල – 2025 ජූලි 05 | අද ඔබේ ලග්නය කියන දිනෙක ජීවිතය හැරවෙන හැඟීමක්

අද ලග්න පලාපල – 2025 ජූලි 05 | අද ඔබේ ලග්නය කියන දිනෙක ජීවිතය හැරවෙන හැඟීමක්