සුභ පැතුම් මැද යුගදිවියට පිවිසුණු තරින්දි [PHOTOS]
ප්‍රසිද්ධ ටෙලි නාට්‍ය නිළි තරින්දි ප්‍රනාන්දු, ඊයේ (04) මීගමුවේ හෝටලයක පැවැති විශේෂ උත්සවයකදී තම පෙම්වතා චතුර රාජපක්ෂ මහතා සමඟ විවාහ පත්විය.
තරින්දි ප්‍රනාන්දු මහත්මිය, පසුගිය රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ හොඳම නිළිය ලෙස පිදුම් ලැබූ අතර, ඇය ටෙලි නාට්‍ය හා සිනමාව තුළ විශේෂ රංගන කුසලතා දැක්වූ බොහෝ නිර්මාණවලට දායක වී ඇත.
මනාලයා වූ චතුර රාජපක්ෂ මහතා ද ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ආවේ මහේන්ද්‍ර පෙරේරා රංගන අකැඩමිය හරහා රංගනය ඉගෙනගෙනය.
වසර දහයක් පමණ රංගන ක්ෂේත්‍රයේ ක්‍රියාකළ ඔහු "රැල්ල වෙරළට ආදරෙයි", "මැස්සා", "Please Share This" වැනි නාට්‍ය මාලාවලින් දායකත්වය ලබාදී ඇත.
ඔවුන්ගේ විවාහ උත්සවයේ විශේෂ ඡායාරූප කිහිපයක් ද මේ සමඟ මුදාහැර ඇත.














