කෝටි එකහමාරක වටිනාකමින් යුත් රත්රන් බුදු පිළිම 03 ක් උණු කිරීමට ගිය පුවතක්.

Sri Lanka Police Sri Lanka
By krishani Feb 05, 2023 05:05 AM GMT
krishani

krishani

Report

රනින් නිම වූ බුදු පිළිම 03 ක් උණු කිරීමට රුපියල් කෝටි එකහමාරකට අලෙවි කිරීමට උත්සාහ කළ පියෙකු සහ පුතෙකු පොලිසිය විසින් ඊයේ (04) අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 50 හැවිරිදි සහ 21 හැවිරිදි වියේ පසුවන ගලේවෙල - බුදුගේහින්න ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකී.

දඹුල්ල පොලිසියේ විශේෂ කාර්යාංශයට ලද බුද්ධි තොරතුරක් මත ගැනුම්කරුවන් ලෙස විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුලු කණ්ඩායමක් වෙස්වලාගෙන ගොස් මෙම වැටලීම සිදුකර තිබුණු අතර සැකකාර පියා ප්‍රකාශ කර ඇත්තේ මෙම බුදු පිළිම නිධානයකින් ලබාගත් බව ය.

මෙම එක් පිළිමයක් කිලෝ එකයි ග්‍රෑම් 450 ක බරකින් යුතු වේ.අනෙක් පිළිම දෙක ග්‍රෑම් 580 සහ ග්‍රෑම් 78 ක බරකින් යුක්ත බව පොලිසිය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha