රඹුටන් නිසා පැතිරෙන මාරාන්තික ලෙඩක් මෙන්න
මේ කාලය රඹුටන් මැංගුස් ආදී පලතුරු වැඩියෙන් හටගන්නා මාසයකි.
මේ නිසාම බොහෝ දෙනා මෙම පලතුරු පරිභෝජනයටත් විකිණීමටත් මුල් වී ඇත.
නමුත් මහජනතාව ආහාරයට ගත පසු ඉවතලන ලෙලි නිසි ලෙස බැහැර නොකිරීම නැවතත් මාරාන්තික ලෙඩක් ව්‍යාප්ත කිරීමට හේතු වී ඇත.
එයට අනුව ඩෙංගු වාසස්ථාන ඇති විය හැකි හෙයින් රඹුටන් මැංගුස් ලෙලි තැන තැන දැමීමෙන් වළකින්නැයි කොළඹ රිර්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
රඹුටන් සහ මැංගුස් වාරය මේ දිනවල ක්‍රියාත්මක වන හෙයින් ජනතාව එම පලතුරුවල ලෙලි බොහෝ පිරිස් තැන තැන විසි කරන තත්වයක් නිරීක්ෂණයවන හේතුවෙන් තමා මෙසේ ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.
ඩෙංගු කීටයන්ට බෝ වීමට පලතුරු ලෙල්ලක් වැනි කුඩා ස්ථානයක් වුව ප්‍රමාණවත් බව දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය.