මෙහෙමත් හොරු.. ඇහුවම පුදුම වෙන මහා පරිමාණයෙන් කළ බැට්‍රි ජාවාරම සොයා ගත් මෙහෙයුම..
දුරකතන කුළුණු ආරෝපණය සඳහා යොදා ගන්නා රුපියල් ලක්ෂ 70 කට අධික බැට්රි සොරාගත් තිදෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය පවසනවා.
එම සැකකරුවන් සමග රුපියල් ලක්ෂ විස්සකට ආසන්න , battery තොගයක් සහ ප්‍රවාහනයට යොදාගත් වෑන් රථයක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් සියලු දෙනා ප්‍රසිද්ධ පෞද්ගලික දුරකථන සමාගමක උප කොන්ත්‍රාත්කරුවකු යටතේ සේවය කරන්නන් බව පොලිසිය පවසනවා.
බෝකුන්දර ප්‍රදේශයේ දුරකථන කුළුණක සවි කර තිබූ battery හතරක් සොරාගෙන ගොස් ඇති බවට පොලිසියට ලද පැමිණිල්ලක් අනුව සීසීටීවී දර්ශන අනුව පරීක්ෂණ පැවැත්වීමේදී වෑන් රථයක ලියාපදිංචි අංකයක් ඔස්සේ සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව රියදුරු රන්සෑගොඩ ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී තවත් දෙදෙනකු සමග එක්ව සිදුකළ සොරකම් වැලක තොරතුරු අනාවරණ වූ බවයි පොලීසිය පවසන්නේ.
ඒ අනුව එම සැකකාර පුද්ගලයන් දෙදෙනා ද වග සහ රන්සෑගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී පොල්ගස්ඕවිට ,බෝකුන්දර , බටුවන්දර කනම්පැල්ල , හබරකඩ උතුර හෝමාගම උතුර හා වෙනිවැල්කොල ප්‍රදේශවල පිහිටි එකම සමාගමකට අයත් දුරකථන කුළුණු 8 කින් බැට් රි 20 කට අධික ප්‍රමාණයක් සැකකරුවන් සොරාගෙන ඇති බවට අනාවරණය වී යැයි පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් එම සැකකරුවන් ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී සොරාගත් එම බැටරි දෙල්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට විකුණා තිබීයදි කීපයක් පොලිසිය මඟින් සොයාගෙන තිබෙනවා.
