බලෙන්ම ඉඩමක් ලියා ගන්න පාසල් සිසුවෙක්ට කළ කැත වැඩේ - සිසුවා රෝහලට..
18 හැවිරිදි පාසල් සිසුවෙකු තිදෙනෙක් විසින් සුඛෝපභෝගි මෝටර් රථයක් ද සමඟ පැහැරගෙන ගිය පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.
ඒ ඉඩමක් බලහත්කාරයෙන් ලියා ගැනීමටයි.
ඒ සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙක් කොහුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම, සැකකරුවන් පැහැරගත් මෝටර් රථය සහ පැහැරගැනීමට භාවිත කළ වෑන් රථයද පොලිස් භාරයට ගෙන ඇත.
මෙලෙස පැහැරගැනීමට ලක් වූ සිසුවා කළුබෝවිල ශික්ෂණ රෝහළේ මේ වන විට ප්‍රතිකාර ලබයි.
සිය පියාව මෝටර් රථයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ඉකුත් 04 වෙනිදා අදාළ සිසුවා ඇරලවා සිය නිවසට පැමිණ ඇති අතර පසුව පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා ඔහු සිය නිවසෙන් පිටතට යමින් සිට ඇත.
එහිදී කිසියම් පිරිසක් ඔහුව පැහැරගෙන ගොස් තිබෙනවා.
පසුව ගමන් කළ සුඛෝපභෝගි මෝටර් රථය දෙහිවල-ගල්කිස්ස මහනහර සභාව ආසන්නයේදී වෑන් රථයකින් හරස් කර ඉන් බැස ආ තරුණයින් සිව්දෙනෙකු මෙම පැහැරගැනීම සිදු කර ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
අනතුරුව වෑන් රථය මාර්ගයක දමා සිසුවාගේ මෝටර් රථයටම නැවත එම සිසුවා නංවාගෙන මාතලේ ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් ඇත.
මේ අතර සිසුවාගේ පියාට අයත් තිහාරියේ පිහිටි ඉඩම හා පැහැරගත් මෝටර් රථය බලහත්කාරයෙන් අත්පත් කරගැනීමට පැහැරගත් පිරිස තර්ජනය කර ඇති බව පොලිස් විමර්ශනවල දී අණාවරණය විය.
ඒ පිළිබදව ජංගම දුරකථනයෙන් සිය මවට සිසුවා පැවසීමෙන් පසු මව ඒ පිළිබඳව කොහුවල පොලිසියට පැමිණිලි කර ඇත.
ඒ අනුව පැහැරගත් කණ්ඩායමේ ප්‍රධාන සැකකරුගේ පියාව පොලිසිය විසින් පොලිසියට ගෙන්වා ගෙන තිබෙනවා.
ඒ අනුව සැකකරුගේ පියාගේ දුරකථනයෙන් සැකකරුට දුරකථන ඇමතුමක් ලබා දී උපායමාර්ගිකව කොහුවල නගරයට ගෙන්වා ගැනීමට කොහුවල පොලිසිය කටයුතු කර තිබෙනවා.
කෙසේ වෙතත්, එම අවස්ථාවේදී ඔහු සමග සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙක් පැමිණ ඇත.
එහිදී එම පිරිස පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.