බන්ධනාගාර නියාමකට පහර දී මරණ තර්ජනය කළ පිරිසකට වැඩ වරදී..

Sri Lanka Police Sri Lanka Police Investigation Prison
By krishani Jul 01, 2023 06:30 AM GMT
krishani

krishani

Report

මිනුවන්ගොඩ බන්ධනාගාර නියාමකවරයෙකුගේ නිවසට ඇතුළු වී ගිනි අවි පෙන්වා පහර දී, මරණ තර්ජනය කිරීමේ සිද්ධියක් වාර්තා වේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිදුවීම මැයි මස 12 වනදා සිදුව තිබූ අතර සිද්ධියට අදාළව මීට පෙර සැකකරුවන් දෙදෙනෙකු මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

එම සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැණින.

ඒ කහතුඩුව, බියගම සහ සපුගස්කන්ද යන ප්‍රදේශවල දී ය.

සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා මිනුවන්ගොඩ පොලිසියට ඉදිරිපත් කිරීමට නියමිතයි.