තාත්තායි අයියලා දෙන්නයි එකතු වෙලා අවු.12ක පුංචි කෙල්ලට කරපු කැත වැඩේ..
කුඩා දැරියක් දූෂණය කිරීමේ සිද්ධියකට එම දැරියගේ පියා සහ සහෝදරයින් දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වැලිගම පොලිසිය විසින් ය.
මෙලෙස දූෂණයට ලක්ව ඇත්තේ වැලිගම පොලිස් වසමේ පදිංචි වයස අවුරුදු 12ක දැරියක් ය.
මීට වසර දෙකකට පෙර දැරියගේ පියා විසින් ඇයව දූෂණය කර ඇති බවට කරුණු අනාවරණය වී ඇත.
පසුව ඇයගේ සහෝදරයන් දෙදෙනා විසින් ද දෙමව්පියන් නිවසේ නොමැති අවස්ථාවන්වල දී දැරියව දූෂණයට ලකර ඇති බවට අනාවරණය වී තිබෙනවා.
පියා සහ සහෝදරයින් දෙදෙනා විසින් දැරියව දූෂණය කිරීමෙන් පසු දැරියට සිදුකළ තර්ජන හේතුවෙන් එම සිද්ධිය සම්බන්ධයෙන් ඇය මවට හෝ වෙනත් අයෙකුට පවසා නොමැති බව වාර්තා වේ.
දැරියගේ වැඩිමහල් සහෝදරයෙකුට රැකියාවක් සම්බන්ධයෙන් වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙක් පසුගිය දා නිවසට පැමිණ තොරතුරු පරීක්ෂා කර තිබෙනවා.
එහිදී මෙම දැරිය තමාට සිදුවූ කරදර හිරිහැර සම්බන්ධයෙන් එම නිලධාරියා දැනුවත් කිරීමට කටයුතු කර ඇත.
ඒ සම්බන්ධයෙන් එම නිලධාරියා වැලිගම පොලිසිය වෙත පවසා ඇති බව සඳහන් වේ.
එම තොරතුර මත සැකකාර 47 හැවිරිදි පියා අවුරුදු 18,15 යන වයස්වල පසුවන සහෝදරයින් දෙදෙනා මෙලෙස ඊයේ (13) දින අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
දැරිය අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසියේ ළමා කාන්තා කාර්යාංශය මඟින් පරීක්ෂණ මෙහෙවනු ලබයි.