අවුරුදු 13 වයසේ ඉදලා මවක් තම දියණිය ගණිකා සේවයේ යොදවලා - දැරිය සමග ලිංගිකව හැසිරුණු 04ක් අත්අඩංගුවට..

Sri Lanka Police Sri Lanka
By krishani Jan 28, 2023 05:19 AM GMT
krishani

krishani

Report

පානදුර ප්‍රදේශයේ 15 හැවිරිදි තම දියණියක් ගණිකා ජාවාරමේ යෙදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මව, ඇතුළු 6 දෙනෙකු ලබන මස 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඒ පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරුවන් ඊයේ(27) දින යොමු කළ අවස්ථාවේදී ය.

එම සැකකරුවන් අතර දැරියගේ මව, ගණිකා ජාවාරම මෙහෙය වූ තවත් කාන්තාවක් සහ පුද්ගලයින් 4 දෙනෙකු ද සිටියි.

ඒ ලද තොරතුරක් මත පානදුර පොලීසිය විසින් සිදුකළ වැටලීමක දී මොවුන් අත්අඩංගුවට ගත් අතර එම අවස්ථාවේදී ගණිකා ජාවාරම මෙහෙය වූ තවත් කාන්තාවක් මෙන්ම දැරිය සමග ලිංගිකව හැසිරුණු පුද්ගලයින් 4 දෙනෙක් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් පානදුර, කෙසෙල්වත්ත, සහ ගොරකාන ප්‍රෙද්ශයේ පදිංචිකරුවන් වන අතර ජාවාරම මෙහෙය වූ කාන්තාවක විසින් ඇයව වැඩිහිටි පුද්ගලයින්ට අලෙවි කර හෝටල් කාමර වලට සහ නිවෙස් වලට රැගෙන ගොස් මුදලට අලෙවි කර ඇත.

අත්අඩංගුවට ගත් දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා පානදුර රෝහලට ඇතුළත් කර ඇත.

දැරිය සහ මව පානදුර - ගොරකාන ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිට ඇති අතර අවුරුදු 13 ක කාලසීමාවේ සිට මවගේ අනුබලය ඇතිව මෙලෙස ගණිකා ජාවාරමේ යෙදී ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බව පොලීසිය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha