හොරෙන්ම ඇවිත් කාන්තාවන්ගේ යට ඇඳුම් සොරාගන්නා සොරෙකු මාට්ටු වෙයි - ඔහු අල්ලා ගන්නා විටත් ඔහු ලඟ කාන්තා යට ඇඳුම්..
ඊයේ (19) අලුයම, කොළඹ ජාතික රෝහලේ කාන්තා නේවාසිකාගාරයට හොර රහසේ පැමිණ යට ඇඳුම් සොරා ගැනීමේ නිරත වූ සේවකයෙකු ආරක්ෂක නිලධාරීන් විසින් අල්ලාගෙන තිබෙනවා.
ආරක්ෂක අංශ නිළධාරින් විසින් ඔහුව මරදාන පොලීසිය වෙත භාර දී ඇති අතර සැකකරු අල්ලා ගන්නා අවස්ථාවේ දී යට ඇඳුම් තුනක් ඔහු සන්තකයේ තිබී ඇත.
කාන්තා නේවාසිකාගාරය තුළින් කාන්තා යට ඇඳුම් සීඝ්‍රයෙන් අස්ථානගත වීම සම්බන්ධයෙන් නේවාසිකව සිටින හෙදියන් ආරක්ෂක අංශයට දැනුම් දී ඇත.
පසුව ඒ සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටි අවස්ථාවේ දී ඊයේ සැකකරු සුපුරුදු ලෙස නේවාසිකාගාරය වෙත ඇතුළු වී රෙදි වැල්වල දමා තිබූ යටඇඳුම් සොරා ගෙන පිටව යන අවස්ථාවේදී අල්ලා ගෙන ඇත්තේ.
සැකකරු සෞඛ්‍යය කාර්ය සහායකයකු ලෙස රැකියාව කරන කළුතර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37ක පමණ පුද්ගලයෙක් වේ.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. |
