බිරිඳට හොරෙන් සැමියා බලෙන්ම කාලයක් පුරා තම දියණියට කළ අපරාදය.. දැරිය වෛද්‍යවරුන්ට සියල්ල හෙළි කරලා..
පියෙකු විසින් තම 23 හැවිරිදි දියණිය මාස හතරක ගැබිනියක් කිරීමේ සිද්ධියක් යාපනයේ ඉනුවිල් ප්‍රදේශයෙන් වාර්තා වේ.
ඒ 54 හැවිරිදි පුද්ගලයෙක් ය.
ඔහු මුලින්ම ඇයව බියගන්වා බලහත්කාරයෙන් දූෂණය කර ඇති බව වාර්තා වේ.
ඉන් පසුව කාලයක් පුරාම මෙම පියා බිරිදට හොරෙන් සිය දියණිය සමග අඹු සැමියන් ලෙස ජීවත් වී ඇති බව සඳහන් වේ.
හදිසියේම ඇයට වැළදුණු අසනීපයකට ප්‍රතිකාර ලබා ගැනීමට තෙලිප්පලෙයි රෝහලට ගිය අවස්ථාවේදී ඇය මාස හතරක ගැබිනියක් බව වෛද්‍යවරු සඳහන් කර තිබෙනවා.
මේ ගැන තොරතුරු විමසීමේදී තරුණිය සියලු විස්තර වෛද්‍යවරුන්ට පවසා ඇත.
පසුව එම වෛද්‍යවරුන් මේ සම්බන්ධයෙන් චුන්නාකම් පොලිසියට පැමිණිලි කර ඇති බව වාර්තා වේ.
පොලිසිය සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර තරුණිය පූර්ණ වෛද්‍ය වාර්තවක් ලබා ගැනීම සදහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කෙසේ වෙතත්, වැඩිදුරටත් වාර්තා වන්නේ සැකකටයුතු පියා මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට චුන්නාකම් පොලිසිය පියවර ගෙන ඇති බව ය.