කණ්නාඩියකින් OlC ට පහර දුන් පුද්ගලයෙක් පොලිස් කූඩුවට..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Jul 18, 2023 10:45 AM GMT
krishani

krishani

Report

ආරවුලක් සම්බන්ධයෙන් පොලිස් සිර සිරමැදිරියේ සිටි පියාට ජංගම දුරකථනයක් ලබාදීම වැලැක් වීම හේතුවෙන් පුතෙකු විසින් පොලිස් ස්ථානාධිපතිට පහර දී තිබෙනවා.

එහිදී පහර දීම සහ කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් පස්සර පොලීසිය විසින් එම අදාළ පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් කූඩුවේ රඳවා සිටී පුද්ගලයාගේ පුතා විසින් ඔහුට ජංගම දුරකථනයක් ලබාදීමට ගොස් තිබෙනවා.

එහිදී පොලිස් නිලධාරීන් විසින් එය වළක්වා ඇති අතර එයට උරණ වූ පුතා විසින් පොලිස් ස්ථානයේ තිබූ මුහුණ බලන කණ්නාඩිය ගලවා ස්ථානාධිපතිවරයාට පහර දී ඇත.

ReeCha