ලෝකයක් වසඟ කළ, සුරූපී නිරූපිකාවක් ගංජා එක්ක පොලිස් දැලේ.

United States of America Actress Drugs
By krishani Jul 19, 2023 08:23 AM GMT
krishani

krishani

Report

ඇමරිකානු සුපිරි නිරූපිකාවක් වන Gigi Hadid කේමන් දූපත් වල නිවාඩුවක් ගත කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගංජා ළඟ තබා ගැනීම හේතුවෙන් ය.

28 හැවිරිදි ඇය Owen Roberts ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී පුද්ගලික ගුවන් යානයකින් මිතුරෙකු සමග කේමන් දූපත් වෙත පැමිණීමෙන් පසුව අත්අඩංගුවට ගෙන ඇත.

ඇය සහ ඇගේ මිතුරිය පෞද්ගලික ගුවන් යානයකින් පැමිණ ටික වේලාවකට පසු රේගු නිලධාරීන් විසින් ඔවුන්ගේ ගමන් මලු පරීක්ෂා කර තිබෙනවා.

එහිදී ගංජා සහ ගංජා පරිභෝජනය සඳහා භාවිතා කරන උපකරණ සොයාගෙන ඇති අතර පසුව ඔවුන් ගංජා ආනයනය කිරීම සහ ගංජා පරිභෝජනය සඳහා භාවිතා කරන උපකරණ ආනයනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැණින.

කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුව ඔවුන් සිරකරුවන් රැඳවුම් මධ්‍යස්ථානයට ගෙන ගොස් ඇප මත මුදා හැර ඇති බවයි.

ReeCha