අමුතුම සෙල්ලමක් දැමූ තරුණියක් හා තරුණයෙක් පොලීසියට මාට්ටුවෙයි..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Department of Prisons Sri Lanka
By Aruna Aug 28, 2023 02:48 AM GMT
Aruna

Aruna

Report

සැකකටයුතු මොටර් රථයක් නවතා එහි සිටි කාන්තාවගෙන් සහ පිරිමි පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී ඔවුන් සතුව තිබී ව්‍යාජ ලෙස සකසන ලද ලිපි ලේඛන රැසක් හමුව තිබෙනවා.

ඒ අනුව, ව්‍යාජ ලේඛන ද සමග ඔවුන් දෙදෙනා නුවරඑළිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය අංශය පවසන්නේ, එම සැකකරුවන් ව්‍යාජ ලේඛන රැගෙන නුවරඑළිය නගරයට මොටර් රථයකින් පැමිණෙන බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඊයේ (27) සවස මෝටර් රථය සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔවුන් සතුව තිබී මෝටර් වාහන ලියාපදිංචි සහතික 03ක්, ආදායම් බලපත්‍ර 03ක්, රක්ෂණ සහතික 03, ෆිනෑන්ස් ආයතනයක නම සඳහන් වාරික ගෙවා අවසන් බවට සඳහන් ලිපි 03ක්, වාහන පැවරීම සම්බන්ධයෙන් විරුද්ධ නොමැති බව පැවසෙන ලිපි 03ක්, අංක තහඩුව නැති වී ඇති බවට පොලීසිය වෙත කරන ලද පැමිණිලි පිටපත් 03ක්, ජාතික හැඳුනුම්පත් 03ක් සහ තාවකාලික රියදුරු බලපත්‍රයක් සොයාගෙන තිබේ.

සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී දී ත්‍රීරෝද රථයක ලියාපදිංචි පොතක් සකසා දෙන බවට පවසා පේරාදෙණිය පොලිස් වසමේ පුද්ගලයෙකුගෙන් රුපියල් 180,000ක මුදලක් වංචා කර ඇති බවට ද අනාවරණය වී ඇත.

පසුව ඒ සම්බන්ධ පැමිණිල්ල පේරාදෙණිය පොලීසිය වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙන අතර, අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි නාකුළුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකාරිය 21 හැවිරිදි හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවට හෙළි වී ඇත.

මේ සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතින අතර, ඔවුන් අද (28) නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ReeCha