අසභ්‍ය ඡායාරූප දුරකථනයේ තිබු නිසා සොරුන් සමඟ පැමිණිලිකරුත් අමාරුවේ

arrest wattala theft phone naked photos
By Sewvandhi Jul 29, 2021 02:55 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වත්තල ප‍්‍රදේශයේදී තම ජංගම දුරකතනය තරුණයන් දෙදෙනකු විසින් කොල්ලකන ලදැයි වත්තල පොලිසියට ලද පැමිණිල්ලක් මත සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් එම ජංගම දුරකතනයේ වයස 18-20 අතර වියේ පසුවන ලාංකික තරුණියන් 8 දෙනකුගේ නිරුවත් ඡායාරූප සහ අසභ්‍ය විඩියෝ දර්ශනද අන්තර්ගතව තිබීම නිසා දුරකතනය හිමි පැමිණිලිකරුද අත්අඩංගුවට ගත් බවයි වත්තල පොලිසිය සඳහන් කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පැමිණිලිකරු දෙහිවල පදිංචි 23 හැවිරිදි තරුණයෙක් . සැකකරුගේ දුරකතනය කොල්ලකන ලදැයි පැවසෙන වත්තල පදිංචි 25 සහ 30 හැවිරිදි පුද්ගලයන් දෙදෙනකුද පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා .

වත්තල පදිංචි තරුණයන් දෙදෙනකු ජංගම දුරකතනයක් මිලදී ගැනීමට අවශ්‍ය බව අගවා තමාව වත්තලට ගෙන්වා ගෙන ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් තම දුරකතනය පැහර ගත් බව පැමිණිලිකරු විසින් වත්තල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබෙනවා.

ඒ අනුව සිද්ධිය සමිබන්ධයෙන් සිදුකරණ ලද පරික්ෂණ කටයුතු වලින් අනතුරුව සැකකරුවන් දෙදෙදෙනෙකු සමග අදාල ජංගම දුරකතනයද අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසන්නේ .

එසේ අත් අඩංගුවට ගත් සැකකරුවන් ගෙන් එක් අයෙකුගේ පෙම්වතියගේ නිරුවත් ඡායාරූපයක්ද එම ජංගම දුරකතයේ තිබෙන බව අනාවරණය වීමෙන් අනතුරුව සිදුකරන ලද විමර්ශනයේදී එහි තවත් ශ‍්‍රී ලාංකික තරුණියන් අට දෙනකුගේ සහ තවත් අසභ්‍ය දර්ශන ඇතුළත් විඩියෝ හඬ පටයක් සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කරනවා වැඩිදුර පරීක්‍ෂණ ක්‍රියාත්මකයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha