"හොඳට බලන්න..කොහෙදීම හරි දැකලා තියෙනවා ද කියලා.." - පොලිසිය මහජන සහය පතයි. (PHOTO)

Report

නොරොච්චෝලය පොලිස් වසමට අයත් නිවසකට පැන මුදල් සහ දේපොළ කොල්ලකෑමක් සම්බන්ධයෙන් තොරතුරු අණාවරණය විය.

ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටින සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් මහජන සහාය පතයි.

"හොඳට බලන්න..කොහෙදීම හරි දැකලා තියෙනවා ද කියලා.." - පොලිසිය මහජන සහය පතයි. (PHOTO) | Police Are Seeking Public Assistance

මෙම සිදුවීම වාර්තා වන්නේ ඉකුත් 02 වැනිදා යි.

ඒ නොරොච්චෝලය පොලිස් වසමේ නාවක්කඩුව ප්‍රදේශයේ නිවසක ය.

එම නිවසට ඇතුළු වී ඇති සැකකරුවන් දෙදෙනෙකු එහි නිවැසියන් බිය ගන්වා රුපියල් 15,232,000ක් වටිනා මුදල් සහ දේපොළ කොල්ල කා ඇත.

එම සැකකරුවන් සම්බන්ධයෙන් පැමිණිලිකරුවන් විසින් ලබා දුන් තොරතුරු සහ හැඩරුව මත අපරාධ වාර්තා කොට්ඨාසයේ චිත්‍ර ශිල්පියා විසින් සැකකරුවන් දෙදෙනා චිත්‍රයට නඟා තිබෙනවා.

පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සැකකරුවන් පිළිබඳ යම් තොරතුරක් දන්නේ නම් පහත දුරකථන අංකවලට දැනුම් දෙන ලෙසයි.

එම දුරකථන අංකයන් පහතින්,

? ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි - පුත්තලම කොට්ඨාසය : 071 - 8591289

? සහකාර පොලිස් අධිකාරි - කල්පිටිය : 071 - 8591301

? ස්ථානාධිපති - නොරොච්චෝලය : 071 - 8592126