පොලිසියෙන් රට පුරා කරන විශේෂ දේ මෙන්න..සියලු දෙනාම මේ ගැන අවධානයෙන් ඉන්න..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police
By Aruna Apr 14, 2024 06:36 AM GMT
Aruna

Aruna

Report

අලුත් අවුරුදු සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් අද (14) දිනයේදීත් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ, ක්‍ෂණික මාර්ග බාධක ද යොදාගෙන එම මෙහෙයුම් සිදු කරන බවයි.

අලුත් අවුරුදු සමයේ, බීමත්ව රිය පැදවීම නිසා සිදුවන අනතුරු වළක්වා ගත යුතු බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා කියා සිටියේ.

කොළඹ නාගරික බල ප්‍රදේශය තුළ උත්සව සමය වෙනුවෙන් පොලිසිය විශේෂ රථවාහන පරීක්ෂාවක් ද ඊයේ සිදු කර තිබිණ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව කියා සිටියේ, පසුගිය 06 වැනිදා සිට ඊයේ දක්වා සිදුකළ රථවාහන පරීක්ෂාවලදී බීමත්ව රිය ධාවනය කිරීම ඇතුළු රථවාහන වැරේදි සම්බන්ධයෙන් රියැදුරන් 4298 දෙනෙකුට නඩු පැවරීම් හා දඩ නියම කළ බවයි.

එමෙන්ම බීමත් රියදුරන් පරීක්ෂා කිරීම අඛන්ඩව සිදුකරන බවයි, පොලිස් රථවාහන පාලන අංශයේ සහ ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ සඳහන් කළා.