රිෂාඩිගේ නිවසේදී මිය ගිය දැරිය ගැන පොලිසියෙන් අනාවරණයක්..(VIDEO)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සීමට ලක්වී මියගිය 16 හැවිරිදි දැරියගේ සිද්ධියට අදාළ පැමිණිල්ල අද (26) පස්වරු 1.30ට කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය ඉදිරියේ කැඳවූ අතර එම අවස්ථාවේදී සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණි.

අනතුරුව මෙම පැමිණිල්ල දහවල් 1.30 කැඳවන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියම කළාය.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now