නිරෝධායනය කඩ කරමින් මෙතෙක් අත්අඩංගුවට ගත් වැඩම පිරිස.(VIDEO)

Curfew Police Sri Lanka Ajithi Rohana
By Aruna May 28, 2021 06:01 AM GMT
Aruna

Aruna

Report

 සංචරණ සීමා කාලය තුළ නිරෝධායන රීති කඩන පිරිස ඉහළ යයි.

නිරෝධායන රීති කඩකළ පුද්ගලයන් 829ක් ගතවූ පැය 24 තුළදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

මේ දක්වා එක් දිනකදී අත්අඩංගුවට ගත් වැඩිම සංඛ්‍යාව එය බවද ඔහු පැවසීය.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර මාතලේ ප්‍රදේශයෙන් 180ක්, නිකවැරටිය 79ක් සහ කොළඹින් 72ක් අයත්ය.

ඒ අනුව නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 15,595කි.

බස්නාහිර පළාත් ආශ්‍රිතව ඊයේ සවස 4 සිට සවස 6 දක්වා කාලය තුළ නිරෝධායන රීති කඩ කරන්නන් සොයා විශේෂ පරීක්ෂාවක් සිදුකර තිබුණි.

එහිදී කිසිදු හේතුවක් නොමැතිව ගමන් කළ රථ 39ක් පොලිස් භාරයට ගෙන ඇති අතර එහි ගමන් කළ පුද්ගලයින් අත්අංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුළුවන ස්ථාන 14ක පොලිස් මාර්ග බාධක ක්‍රියාත්මකය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now