චන්දිමාල්ගේ පාටිය ගැන ප‍්‍රශ්ණ කරයි...පොලිසියෙන් දැනුම් දීමක්.(VIDEO)
රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ යන අයට උපන් දින සාදයක් පැවැත්වීම සඳහා පහසුකම් සැපයීම සම්බන්ධයෙන් කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේ කළමනාකරුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකුගෙන් ප‍්‍රශ්නකර ප‍්‍රකාශ ලබා ගැනීම ඊයේ (03 දා) සිට පොලිසිය මගින් ආරම්භ කර ඇත.
ඒ අනුව ෂැංග‍්‍රිලා හෝටලයේ කළමනාකරු, නියෝජ්‍ය කළමනාකරු ඇතුළු සිව් දෙනෙකුගෙන් ප‍්‍රශ්නකර ප‍්‍රකාශ ලබා ගැනීමට පොලිසිය මගින් ඊයේ කටයුතු කර තිබුණි.
මෙම සාදය පැවැත්වීම සඳහා අවසර ලබාදීම සම්බන්ධයෙන් ෂැංග‍්‍රිලා හෝටලයේ කළමනාකාරිත්වයට දැඩි නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව කොටුව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සාගර ලියනගේ මහතා පැවසීය.
මේ අතර මේ සාදය පැවැත්වීම සඳහා සියලූ පහසුකම් සැපයීමට කටයුතු කළ තවත් සේවකයන් 6 දෙනෙකුගෙන් ප‍්‍රශ්න කිරීම සඳහා අද (4 දා) කොටුව පොලිසිය වෙත කැඳවා ඇති බව ද ලියනගේ මහතා කියා සිටියේය.
සාදයට සහභාගිවූ බව කියන තවත් ජනප‍්‍රිය කලාකරුවන් කිහිප දෙනා ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකු ඉදිරි දින කිහිපයේදී අත්අඩංගුවට ගැනීමට නියමිතය.
රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන් දින උත්සවයට සහභාගි වෙමින් නිරෝධායන නීති රීති උල්ලංඝනය කළ පියුමි හංසමාලි ඇතුළු 15 දෙනකු මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට පොලිසිය කටයුතු කර ඇත.
මේ අතර අද ඇතුළු ඉදිරි දින ක්‍රියාකළයුතු ආකාරය පිළිබදව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පල කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |