SME Nexus ජාතික උපායමාර්ගික රාමුවට අගමැති හරිනි සහාභාගී වෙයි [PHOTOS]

Report

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබල ගැන්වීම සඳහා වන "SME Nexus" ජාතික උපායමාර්ගික රාමුව 2026 දියත් කිරීමේ දෙවැනි දින වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (2026 මැයි 14) පැවැත්වුණි.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන හරහා මෙරට ව්‍යවසායකයන්ට ස්ථාවර ප්‍රතිපත්ති රාමුවක් සැපයීම සහ ඔවුන්ගේ වර්ධනයට අවශ්‍ය සහයෝගය ලබා දීම අපේක්ෂා කෙරේ.

පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය පිළිබඳව විශේෂ දැනුම්දීමක්

පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය පිළිබඳව විශේෂ දැනුම්දීමක්

"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" යන දැක්ම පෙරදැරිව දියත් කළ මෙම ප්‍රතිපත්තිය මඟින් ව්‍යාපාර ලියාපදිංචිය පහසු කිරීම, නවීන තාක්ෂණයට ප්‍රවේශය සහ විශේෂිත මූල්‍ය පහසුකම් මෙන්ම නොමිලේ උපදේශන සේවාවන් ලබා දීමට කටයුතු සලසා ඇත. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ ගෝලීය අස්ථාවරත්වය හමුවේ දේශීය ව්‍යවසායකයන්ට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනගා ගැනීමට මෙම උපායමාර්ගික රාමුව අත්‍යවශ්‍ය වන බවයි.

රජයක් ලෙස නව්‍යකරණයට අවශ්‍ය පරිසරය සහ ජනතාවගේ විශ්වාසය ගොඩනැගීම සිය වගකීම බව පැවසූ ඇය, ප්‍රතිපත්ති නිරන්තරයෙන් වෙනස් නොවන බවට ව්‍යවසායකයන්ට සහතික විය යුතු බව ද සඳහන් කළාය.

මෙම අවස්ථාවට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ද එක්ව සිටියහ. විශේෂයෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ව්‍යවසායකත්ව අධ්‍යයනය පාසල් පද්ධතියට ඒකාබද්ධ කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය.

මේ ප්‍රදේශවලට නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

මේ ප්‍රදේශවලට නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

6 ශ්‍රේණියේ සිටම ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය හඳුන්වා දීමට රජය සැලසුම් කර ඇති අතර, සිසුන්ට ප්‍රායෝගික පුහුණුව ලබා දීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ සහාය ලබා ගන්නා බව ද ඇය සඳහන් කළාය.

ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහ කොමසාරිස් Ruth Baird මහත්මිය සහ අමාත්‍යාංශ ලේකම් ජේ.එම්. තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery