මිනුවන්ගොඩ පැවති තරගයකදී උඩ පන්දුව අල්ලන්න ගිය ක්‍රීඩකයා මරුට - හේතුව මෙන්න
ඉතා අවාසනාවන්ත සිදුවීමක් පිළිබඳව වාර්තාවේ.
ඒ අනුව මිනුවන්ගොඩ අලුතෑපොළ පොදු ක්‍රීඩාංගණයේදී අද පැවැති සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් අතරතුරේදී සිදුවූ අනතුරෙන් එක් ක්‍රීඩකයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද දහවල් තුනට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර උඩ පන්දුවක් රැකීමට යාමේදී ක්‍රීඩකයන් දෙදෙනෙක් එකට ගැටීම හේතුවෙන් අනතුර සිදුවී ඇති බවට වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ පලුගහවෙල, කටුවැල්ලේගම ප්‍රදේශයේ පදිංචි ඉහලගේ ධනුෂ්ක දේවින්ද පෙරේරා යන අයයි. අනතුරින් පසු ඔහු වහාම මිනුවන්ගොඩ මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇතත්, පසුව ඔහු මියගොස් තිබෙනවා.
මේ වනවිට මියගිය පුද්ගලයාගේ දේහය මරණ පරීක්ෂණය සඳහා ගම්පහ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, අනෙකුත් ක්‍රීඩකයාට කිසිදු හානියක් සිදුව නොමැති බවයි මිනුවන්ගොඩ පොලිසිය සඳහන් කළේ.