චීනයේ 15 වන ජාතික ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය අද

Report

චීනයේ 15 වන ජාතික ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය අද (9) ග්වාංදොං ඔලිම්පික් ක්‍රීඩාංගනයේදී පැවැත්විය. ඒ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙනි.

මේ අවස්ථාවට චීන ජනපති ආර්යා පෙං ලීයුවාන් මහත්මිය මෙන්ම ඔලිම්පික් කමිටු සභාපතිනි Kirsty Coventry මහත්මිය සහ එහි ගෞරවනීය සභාපති ලෙස කටයුතු කරන Thomas Bach මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියාය.

හෙට දිවයින පුරා වැඩ වර්ජනයක්

හෙට දිවයින පුරා වැඩ වර්ජනයක්

සෑම වසර හතරකට වරක් පැවැත්වෙන චීන ජාතික ක්‍රීඩා උළෙල චීනයේ ප්‍රධානතම ජාතික මට්ටමේ ක්‍රීඩා උළෙල ද වේ. 15 වන වරට පැවැත්වෙන මෙවර ක්‍රීඩා උළෙල සඳහා එක්ව සිටින චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 14,000 කි. චීන සංස්කෘතිය විදහාලන නැටුම් ගැයුම් ඇතුළු විචිත්‍රවත් අංග රැසකින්ම මෙවර සමාරම්භක උළෙල වර්ණවත් වී තිබුණි.

මේ අතර, මෙම උත්සවය ආරම්භ වීමට පෙර චීන ජනපති ෂී ජින්පිං මහතා සහ ඔලිම්පික් කමිටු සභාපතිනි Kirsty Coventry මහත්මිය සහ එහි ගෞරවනීය සභාපති වන Thomas Bach මහතා ඇතුළු පිරිසකගේ විශේෂ හමුවක් ද සිදුව තිබුණි.

මිනුවන්ගොඩ පැවති තරගයකදී උඩ පන්දුව අල්ලන්න ගිය ක්‍රීඩකයා මරුට - හේතුව මෙන්න

මිනුවන්ගොඩ පැවති තරගයකදී උඩ පන්දුව අල්ලන්න ගිය ක්‍රීඩකයා මරුට - හේතුව මෙන්න