කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුවියක් නානකාමරයේ වැටී මරුට
ඉතා අවාසනාවන්ත සිදුවීමක් පිළිබඳව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් වාර්තාවේ.
ඒ අනුව එහි සෞඛ්‍ය විද්‍යා පීඨයේ හෙද සහ පවුල් සෞඛ්‍ය උපාධි පාඨ මාලාව හදාරමින් සිටි තෙවන වසරේ සිසුවියක් සිය නිවසේ නාන කාමරයේ ඇද වැටී මිය ගිය පුවතක් පිළිබඳව වාර්තාවේ.
මෙලෙස අනතුරට ලක් වූ සිසුවිය මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවට වාර්තාවේ.
මැද පෙරදිගට පැන්න මත් ජාවාරම්කරුවන් හතක් කැමැත්තෙන් භාර වෙන්න එකඟ වෙයි - ඇත්තටම කවුද මේ මෙන්න විස්තරය
මහනුවර හන්දෙස්ස ප්‍රදේශයේ පදිංචි එච්.එම්.එල්.ඩී ජයතිලක නැමැති සිසුවිය ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිට නිවෙසට පැමිණ පසුගිය 06 දා අලුයම 2.00 පමණ වනතෙක් පාඩම් කර නාන කාමරය තුළට ගිය අවස්ථාවේ ලිස්සා ඇද වැටී තිබෙන බව පොලිස් පරික්ෂණ මගින් අනාවරණය වී තිබේ.
මහනුවර ජාතික රෝහලේ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සිසුවිය ඊයේ (08) මියගොස් ඇතැයි වාර්තා වෙනවා. එළඹෙන දෙසැම්බර් මස පැවැත්වෙන විභාග කටයුතු වෙනුවෙන් ඇය පාඩම් කටයුතු සිදු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගලහ පොලීසිය පරීක්ෂණ පවත්වයි.